යුක්රේන ආක්‍රමණය ළඟදීම අවසන් වෙයි: ක්‍රෙම්ලීන ප්‍රකාශක දිමිත්‍රි පැස්කෝ  

1646

ඉදිරි සති කීපය තුළ යුක්රේන යුද මෙහෙයුම අවසන් වන බව ක්‍රෙම්ලින් ප්‍රකාශක දිමිත්‍රි පැස්කෝව් හෙළි කර ඇත.

තෙවැනි ලෝක යුද්ධය ඇතිවීම වැලැක්වීම රුසියාවේ අරමුණ බව පැවසූ පැස්කෝව් යුක්රේන බලගතු නේටෝ සංවිධානයට එකතු වී ක්‍රිමියාව අත්පත් කර ගැනීමට සැලසුම්කර තිබූ බව කීවේය.

මේ වනවිට යුක්රේන ආක්‍රමණයට දින 49ක් ගත වේ. නේටෝ සංවිධානය සාමකාමී සංවිධානයක් නොවන බව පැවසූ ක්‍රෙම්ලීන ප්‍රකාශකයා මොස්කව් සහ කිව් පාලනය සම්මුතියකට එළඹෙනු ඇතැයි ද පළ කළේය. ඩොන්බාස් ප්‍රාන්තයේ සිදුවූ යුද අපරාධ ගැන වගකිව යුතු පාර්ශ්ව නීතියේ රැහැනට හසුකළ යුතු බව ද හෙතෙම තවදුරටත් සඳහන් කළේය.


advertistmentadvertistment