ශී‍්‍ර ලංකා මලල කී‍්‍රඩා කණ්ඩායමේ කසකස්තාන සංචාරය අවිනිශ්චිත වෙයි… ඇමැති නාමල්ගෙන් උෂාන් තිවංකට තල්ලූවක්

227

ශී‍්‍ර ලංකා මලල කී‍්‍රඩා කණ්ඩායමේ ඔලිම්පික් බලාපොරොත්තුව බවට පත්ව තිබූ කසකස්තාන මලල කී‍්‍රඩා තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව ශ‍්‍රී ලංකා කී‍්‍රඩකයන්ට අහිමිවීමේ වැඩි අවස්ථාවක් මේ වනවිට උදාවී තිබේ. පසුගිය දින කිහිපයේ සිටම පැවැති වීසා ගැටලූව මෙතෙක් විසඳා ගැනීමට ශී‍්‍ර ලංකා මලල කී‍්‍රඩා සංගමය අපොහොසත්වීමෙන් මෙම තත්ත්වය උදා වී තිබේ. කෙසේ වෙතත් ඊයේ හවස් වන විටත් අදාළ බලධාරීන් එ් පිළිබඳව කටයුතුවල නිරතව සිටි බව ‘දිවයින’ට වාර්තා විය. එ් අනුව කසකස්තාන සංචාරයට ශ‍්‍රී ලංකා කණ්ඩායම සහභාගී කරවීම සඳහා වන උත්සහය ඊයේ වන විට නැවත පණගැන්වෙමින් අදාළ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ව පී.සී.ආර්. පරීක්ෂණයක් සඳහා කැඳවා තිබුණි.
 
 ලබන 19 සහ 20 වැනිදා කසකස්තානයේ පැවැත්වීමට නියමිතව තිබූ කසකස්තාන ආරාධිත මලල කී‍්‍රඩා තරගාවලිය සඳහා ශී‍්‍ර ලංකා මලල කී‍්‍රඩකයින් හය දෙනකු සහභාගි වීමට නියමිතව තිබිණි. ඊට උස පැනීමේ ඉසව්වෙන් දකුණු ආසියානු ශුරයා වූ උෂාන් තිවංක, කාන්තා මීටර් 800 ශූරිය නිමාලි ලියනආරච්චි, හෙල්ල විසිකිරීමේ ශූර සුමේධ රණසිංහ, කාන්තා මීටර් 400 ශූරියා නදීශා රාමනායක, මීටර් 100 ශූර යුපුන් අබේකෝන් සහ මීටර් 400 ශූර කාලිංග කුමාර යන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් ඇතුළත්ව තිබිණි. එහිදී ඇමරිකාවේ සිට සිය පුහුණුවීම් කරන උෂාන් එරට සිට පැමිණ කසකස්තානයේදී අදාළ ශ‍්‍රී ලංකා කණ්ඩායම හා එකතුවීමට යෙදී තිබුණි. ක‍්‍රීඩා අමාත්‍යංශයේ පූර්ණ අනුග‍්‍රහය සහිතව මෙම ශ‍්‍රී ලංකා කණ්ඩායම පෙරේදා (15 වැනිදා* කසකස්තානය බලා පිටත්වීමට යෙදී තිබුණි ද වීසා ලබාගැනීමේදී ඇති වූ ගැටලූවක් මත එම සංචාරය අවිනිශ්චිත තැනට පත්විය. ඒ බව වාර්තා වීමත් සමග මෙම කණ්ඩායමේ ඉහළම ඔලිම්පික් වරම් බලාපොරොත්තුව වන උෂාන් තිවංක පිළිබඳව විශේෂයෙන් සොයා බැලීමට ක‍්‍රීඩා අමාත්‍යවරයා කටයුතු කර තිබුණි.
 
 ඉකුත් සමයේ දකුණු ආසියානු වාර්තාව දෙවරක් අලූත් කරමින් මේ වන විට මීටර 2.30ක උපරිම දක්ෂතාවක් දක්වා සිටින උෂාන් අදාළ උස වාර්තා කිරීමත් සමගින් එම සමයේ (ඉකුත් අපේ‍්‍රල් මස* උස පැනීමෙන් ලොව දෙවැනි හොඳම දක්ෂතාව සටහන් කිරීමට ද සමත් වූ අතර වත්මන් සමයේ ලෝක දක්ෂතා අනුව ඔහු 11 වැනි ස්ථානයේ රැුඳී සිටියි. නමුත් උෂාන්ට ඔලිම්පික් වරම් ලබාගැනීමට නම් මීටර 2.33ක් වන පරිසාධන මට්ටම ඉක්මවා යෑමට හෝ ලෝක ශ්‍රේණිගත කිරීමේ ලකුණු අනුව පළමු ක‍්‍රීඩකයන් 32 අතරට පැමිණිය යුතු වේ. අදාළ ශ්‍රේණිගත කිරීමේ ලකුණු 1161 ක් සමගින් උෂාන් මේ වන විට එම ශ්‍රේණියේ 50 වැනි ස්ථානයේ රැුඳී සිටින අතර පිළිගත් ජාත්‍යන්තර තරගයකදී ඔහු විසින් මීටර 2.25ක උසක් සටහන් කළහොත් ශ්‍රේණිගත කිරීම මගින් ඔලිම්පික් සුදුසුකම් ලබන ක‍්‍රීඩකයන් 32 අතරට එක්වීමේ අවස්ථාව උෂාන් හට හිමිවේ.
 
 කෙසේ වෙතත් උස පැනීමේ ඉසව්වෙන් ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් වරම් ලැබීමට ආසන්නයේ සිටින ක‍්‍රීඩක උෂාන් තිවංක හට පෙරේදා (15වැනිදා* රාත‍්‍රියේ දුරකථන ඇමතුමක් ලබාදුන් ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, අදාළ ඔලිම්පික් සුදුසුකම සපුරාගැනීම උදෙසා උෂාන් විසින් ඉල්ලා සිටින ඕනෑම තරගාවලියකට සහභාගී කරවීමට තමන් සූදානම් යැයි පවසා ඇති බව සැලවේ. උෂාන්ට සිය ඔලිම්පික් වරම වෙනුවෙන් අතිශයින් වැදගත් වූ කසකස්තානයේ පැවැත්වීමට නියමිත තරගාවලියේ සහභාගීත්වය අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇති බව ක‍්‍රීඩා ඇමතිවරයාට සැලවූ සැනින් ඔහු විසින් මෙලෙස උෂාන්ව ඇමැතීමට පියවර ගෙන තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment