අර්ජුනගේ පුතා ඇතුළු 9 ක් ඇමෙරිකාවේ තරගාවලියක

611

1996 ලෝක කි‍්‍රකට් ශූරතාවය දිනූ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග මහතාගේ පුත් දයාන් රණතුංග මහතා ඇමෙරිකා එක්සත් ජනපදයේ ක‍්‍රිකට් තරගාවලියක් සඳහා ක‍්‍රීඩා කිරීමට තෝරාගෙන ඇත.
 
 ශ‍්‍රී ලංකාවෙන් පසුගිය 14 වැනිදා ඇමෙරිකා එක්සත් ජනපදය බලා ගිය අමිල අපොන්සු ද සහභාගි වන එම ක‍්‍රිකට් තරගාවලිය සඳහා ඔවුන් දෙදෙනාට අමතරව ශ‍්‍රී ලංකා සම්භවය ඇති තවත් ක‍්‍රීඩකයන් 7 දෙනෙක් නියෝජනය කරති.
 
 මෙම මස 31 වැනිදා සිට තරගාවලිය පැවැත්වෙන අතර ඒ සඳහා සහභාගි වන ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් වන්නේ දයාන් රණතුංග, ශෙහාන් ප‍්‍රනාන්දු, ගයාන් ප‍්‍රනාන්දු, අමිල අපොන්සු, පීටර් විට්ටාච්චි, රුවිඳු ගුණසේකර, ශෙහාන් ජයසූරිය, ඉසුරු කුරුවිටගේ සහ රෝයි සිල්වා යන අය වෙති.

advertistmentadvertistment
advertistmentadvertistment