ගණේමුල්ලේ සංජීව ඝාතන 39ක් කරලා

467

කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගත් මෙරට ප්‍රධානම පෙළේ පාතාල කල්ලි නායකයකු බව කියන ගණේමුල්ලේ සංජීව නමැත්තා සිය ගෝලබාලයන් යොදවා මිනිස් ඝාතන 39ක් සිදුකර ඇති බව පොලිසිය සිදුකළ විමර්ශනවලින් හෙළිවී ඇත.

කලක් බන්ධනාගාරගතව සිටි ගණේමුල්ලේ සංජීව ඉකුත් 2021 වර්ෂයේදී ඇප මත මුදා හැරීමෙන් පසු හොර රහසේම විදෙස්ගත වූ අතර එසේ විදෙස්ගත වීමෙන් පසු වසර 2ක් තුළ මිනිස් ඝාතන 17ක් සිදුකර ඇති බව අනාවරණය වී තිබේ.

මිනිස් ඝාතනවලට අමතරව මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්, කප්පම් ගැනීම්, මංකොල්ලකෑම් ඇතුළු විවිධ අපරාධ රාශියක් සිදුකර ඇති බවද පොලිසිය පවසයි.

මෙම පාතාල නායකයා සිදුකර ඇති මිනිස් ඝාතන ඇතුළු අපරාධ සම්බන්ධයෙන් පොලිසිය වෙනම විමර්ශනයක් ආරම්භ කර ඇත. ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයකින් මෙරටට ඇතුළුවීමට උත්සාහ කිරීමේදී ගණේමුල්ලේ සංජීව කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට පත් විය.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment