ශ්‍රී ලංකාවේ හා දකුණු ආසියාවේ ප්‍රම්‍රඛතම අන්තර්ජාල වෙළෙඳපොළක් වන Daraz වසරේ විශාලතම සේල් එක 11.11 සමග මෙදා සැරේත් පැමිණ ඇත. ඇඳහිය නොහැකි වට්ටම්, ආකර්ෂණීය නව විශේෂාංග, හොඳම මිල ගණන් සමග අසමසම සාප්පු සවාරි අත්දැකීමක් පාරිභෝගිකයන්ට ලබාදීමට මෙවර සූදානම් වන්නේ, වෙන කවරදාටත් වඩා සුවිශේෂී වාසි රැසක් පිරිනමමින්ය.

11.11 සේල්, Singlezs Day Sale ලෙස ද හැඳින්වේ. ගෝලීය සාප්පු සවාරි සිදුවීමක් ලෙස චීනයෙන් ආරම්භ වූ මෙය අද වන විට ශ්‍රී ලංකාව, නේපාලය, පකිස්ථානය, බංග්ලාදේශය, මියන්මාරය වැනි දකුණූ ආසියානු රටවල් ඇතුළුව ලෝකයේ අනෙකුත් රටවල ද අන්තර්ජාල සාප්පු සවාරිවල අනිවාර්ය අංගයක් බවට පත්ව තිබේ. මෙම වසරේ මෙගා අලෙවියේදී පාරිභෝගිකයන්ට හොඳම තෝරාගැනීම් හා හොඳම මිල ගණන් ලබාදෙන අතරම විකුණුම්කරුවන්ට උපරිම විකුණුම් සමඟින් දිවයින පුරා සිටින නව පාරිභෝගික වෙළෙඳපොළක් වෙත ළඟාවීමට අවස්ථාව සලසා දෙයි. මෙහි වඩාත් කැපී පෙනෙන කරුණු වන්නේ 85%ක් දක්වා වට්ටම්, රු. 1399කට Daraz Any 3, නොමිලේ ඩිලිවරි, ප්‍රමුඛ පෙළේ සන්නාම 500කට වැඩි ප්‍රමාණයක් සමග හවුල්කාරිත්වය, සුපිරි Flash Sale හා පාරිභෝගිකයන්ට තවදුරටත් වටිනාකමක් පිරිනැමීම සඳහා bundled offers ආදිය ලබාදීමයි. Daraz වෙතින් One Rupee Game ආදිය නැවත ගෙන ඒමෙන් සාප්පු සවාරි අත්දැකීම තවත් විශේෂ කරයි. රුපියල් එකකට සමාන Daraz Point එකකට iPhone 15 මිලදී ගැනීමට අවස්ථාව ලබාදෙන අතර Daraz Candy මඟින් Daraz Gems දිනාගැනීමට අවස්ථාව ලබාදෙන්නේ ඉතිරි කිරීම් හා වටිනාකම් සේල් සමය තුළ තවත් වැඩි කරමින්ය. 11.11 නිකුත් වන දින මධ්‍යම රාත්‍රියේ සජීවී මෙගා වැඩසටහනක් පැවැත්වීමට ද නියමිතයි. Daraz 11.11 මෙගා සේල් 2023 නොවැම්බර් 10 වැනිදා මධ්‍යම රාත්‍රියේ නිකුත් වෙන අතර 2023 නොවැම්බර් 17 වැනිදා දක්වා අත්විඳිය හැකියි. www.daraz.lk වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් හෝ ඔබගේ ජංගම දුරකථනය ඔස්සේ Daraz App එක ඩවුන්ලෝඩ් කරගෙන වසරේ විශාලතම සේල් එකේ සාප්පු සවාරි අත්දැකීම විඳින්න ඔබටත් එක්විය හැකියි.

advertistmentadvertistment
advertistmentadvertistment