කොමර්ෂල් බැංකුවේ ප්‍රිමියම් කාඩ්පත් හිමියන්ට වැඩි දියුණු කළ ගුවන්තොටුපල විවේකාගාර ප්‍රවේශ පහසුකම්

172

කොමර්ෂල් බැංකුව විසින් නිකුත් කරන ප්‍රිමියම් කාණ්ඩ වල ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට වැඩි දියුණු කළ ගුවන් තොටුපල විවේකාගාර ප්‍රවේශයන් ලබා දෙන බව බැංකුව නිවේදනය කර ඇත.

බැංකුව විසින් මෙහෙයවන මෙම මුලපිරීම නිසාවෙන් කොමර්ෂල් බැංකුවේ වීසා ඉන්ෆිනිටි ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට ලොව පුරා ගුවන් තොටුපල විවේකාගාර සඳහා වසරකට අනුපූරක ප්‍රවේශයන් හතරක් දක්වා අත්විඳිය හැක. තවද, වීසා සිග්නේචර් සහ වර්ල්ඩ් මාස්ටර්කාඩ් ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට වසරකට මෙවැනි අනුපූරක ප්‍රවේශයන් දෙකක් දක්වා අත්විඳිය හැකි බව බැකුව පවසයි.

“ප්‍රිමියම් ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට ගුවන් තොටුපල විවේකාගාර ප්‍රවේශයන් ලබා දීම සිරිතක් වශයෙන් සිදුවන දෙයකි,” යනුවෙන් කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී –

පාරිභෝගික බැංකු සේවා සහ අලෙවිකරණය හස්රත් මුණසිංහ මහතා විස්තර කළේය. “මෙසේ කොමර්ෂල් බැංකුව විසින් නිකුත් කරන ලද ප්‍රිමියම් කාඩ්පත් වර්ග තුනකට විශේෂයෙන් ලබා දෙන මෙම ප්‍රවේශ වීමේ අවස්ථා වැඩි කිරීමෙන් අපි ආදර්ශනය කරන්නේ අපගේ කාඩ්පත් හිමියන්ට ලැබෙන අමතර සැලකීම සහ කීර්තියයි.”

ඔහු පැවසුවේ මෙම වැඩි කරන ලද විවේකාගාර ප්‍රතිලාභ මගින් පාරිභෝගික අත්දැකීම ඉහළ නංවන අතර දේශසීමා හරහා වීසා සහ මාස්ටර්කාඩ් ප්‍රිමියම් කාඩ්පත් වල භාවිතය ද වැඩි වනු ඇති බවයි. තවද, මෙමගින් බැංකුවේ ප්‍රිමියම් කාඩ්පත් හිමි පාරිභෝගික කාණ්ඩයේ ක්‍රෙඩිට් කාඩ්පත් මගින් සිදුකරන වියදම් වැඩි වීම, පාරිභෝගික විශ්වාසය හා පාරිභෝගික රැඳී සිටීම වැඩි කිරීම, සහ කොමර්ෂල් බැංකු ප්‍රිමියම් කාඩ්පත සඳහා වඩාත් ආකර්ෂණීය හා කරඟකාරී පරිසරයක් නිර්මාණය කිරීම යනාදී අරමුණු ද ඉටු වනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment