ලොවක් දන්න ගැහැණු හයක් අභ්‍යවකාශයට

954
ලොවක් දන්න ගැහැණු හයක් අභ්‍යවකාශයට

පොප් ගායිකා කේටි පෙරී සහ තවත් කාන්තාවන් පස් දෙනෙකු අභ්‍යවකාශ සංචාරක රොකට්ටුකින් අභ්‍යවකාශයට අභ්‍යාවකාශයට ගොස් පැමිණීමට සූදානම් වේ. ඒ ජෙෆ් බෙසෝස්ගේ බ්ලූ ඔරිජින් හි නිව් ෂෙපර්ඩ් සමාගමේ රොකට්ටුවකිනි . ප්ර්කොටිපතියෙකු වන ජෙෆ් බෙසෝස් හිමිකාරිත්වය දරන
බ්ලූ ඔරිජින් ( Blue Origin ) සමාගම අතිශය ධනවත් පුද්ගලයන්ට අභ්‍යවකාශ සංචාර සඳහා අවස්තාව ලබා දේ .

පොප් ගායිකා කේටි පෙරී සමඟ බෙසෝස්ගේ පෙම්වතිය වන ලෝරන් සැන්චෙස් සහ CBS නාලිකාවේ ප්‍රකට වැඩසටහන් ඉදිරිපත් කරන්නිය වන ගේල් කිං ද මෙම චාරිකාවට එක්වේ .එමෙන්ම , නාසා රොකට් විද්‍යාඥ අයිෂා බෝව් (Aisha Bowe ) , සිවිල් අයිතිවාසිකම් ක්‍රියාකාරිනී අමන්දා න්ගුයෙන් ( Amanda Nguyen ) සහ චිත්‍රපට නිෂ්පාදක කෙරියෑන් ෆ්ලින් ( Kerianne Flynn ) ද ,ඉතිරි පිරිසට අයත්ය .
නිව් ෂෙපර්ඩ් රොකට්ටුව එහි බටහිර ටෙක්සාස් දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් ගුවන්ගත වීමට නියමිතය .
ගුවන් ගමන මිනිත්තු 11 ක් පමණ පවතින අතර කාර්ය මණ්ඩලය පෘථිවියට කිලෝමීටර 100 කට වඩා (සැතපුම් 62) වැඩි දුරක් ගෙන යන අතර, ජාත්‍යන්තරව පිළිගත් අභ්‍යවකාශ සීමාව තරණය කර කාර්ය මණ්ඩලයට බර අඩුකමේ මොහොතක් ලබා දෙන බව සඳහන්ය .

ලොවක් දන්න ගැහැණු හයක් අභ්‍යවකාශයට

advertistmentadvertistment