ශ්‍රී ලංකා ත්‍රෝබෝල් පිල ලැබූ අන්තර්ජාතික ජයට දෙබරවැව ජාතික පාසලෙනුත් දායකත්වය

41

Asian Throwball Championship 2025 තරගාවලියේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග කිරීමට දෙබරවැව ජාතික පාසල් ආදි ශිෂ්‍ය ආර්.ඩී. කවීෂ සහ දෙබරවැව ජාතික පාසලේ ත්‍රෝබෝල් පුහුණුකරු සචී ගීවන්ත සුදුසුකම් ලබා තිබේ.

දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටි මෙම දෙබරවැව ජාතික පාසලට ත්‍රෝබෝල් ක්‍රීඩාව හඳුන්වා දීමට කටයුතු කරන ලද්දේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ය.

ඉන්දුනීසියාවේදී පැවති ආසියානු ත්‍රෝබෝල් තරගාවලියට ශ්‍රී ලංකාවේ කාන්තා කණ්ඩායම සහ පිරිමි කණ්ඩායම පසුගිය දා සහභාගි විය. එහි දී විශිෂ්ට තරගයකින් අනතුරුව එම කණ්ඩායම් දෙකම ශූරතාවය දිනා ගැනීමට සමත් විය. පිරිමි අවසන් මහා තරගයේදී අසල්වැසි ඉන්දීය කණ්ඩායම පරාජයට පත් කරමින් ශූරයන් ලෙසින් කිරුළු දරන්නට

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමත් විය.


advertistmentadvertistment