ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෑතකදී ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වූ අවස්ථාවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඉන්දීය අගමැතිවරයාට ලබා දුන් සේයාරුවේ සිටින එක් ඇසක පෙනීම අහිමි වූ දිවි දෙනක පිළිබඳව මේ වන විට ලෝකයේම අවධානය යොමුව ඇත. මේ දිවියා ගැන බීබීසී දෙමළ සේවය ද පුවතක් පළ කර තිබිණි.
විල්පත්තු ජාතික වනෝද්‍යානයේ නිලධාරි පුබුදු සුරංග රත්නායක සමග බීබීසී දෙමළ සේවය විල්පත්තු ජාතික අභයභූමියේ වෙසෙන දිවියා පිළිබඳව කතා කර ඇත.
“දිවියෙකුට ඇස් දෙකම පෙනෙන්නට තිබිය යුතුයි. ආහාර ලබා ගැනීමට ඇස් නිසි ලෙස දෘශ්‍යමාන විය යුතුය. කෙසේ වෙතත් මෙම දිවියාගේ එක් ඇසක් අන්ධයි. අවුරුද්දකින් ඒ දිවියා ගැන අපිට කිසිම වාර්තාවක් ලැබිලා නැහැ” යැයි එහිදී ඔහු පවසයි.
දිවියාගේ ඇස් ස්වාභාවිකවම එලෙස පෙනුණේ දැයි බීබීසී දෙමළ සේවය එම නිලධාරියාගෙන් විමසා තිබිණි.
“ඒක අහම්බයක් නෙවෙයි. එය ඕනෑම සතෙකුට සිදුවිය හැකිය. එය මිනිසුන්ට සිදුවිය හැකි ආකාරයටම සතුන්ට ද සිදුවිය හැකිය. මේ දිවියා අවුරුදු ගණනාවක් ජීවත් වෙලා තියෙනවා. මෙම ඇස් පෙනීම හදිසි අනතුරකින් ඇති වූවක් යැයි සිතිය නොහැකියි” යැයි ඔහු සඳහන් කළේය.
විල්පත්තු ජාතික අභයභූමියේ කරන ලද සමීක්ෂණයකින් හෙළි වී ඇත්තේ එහි දිවියන් 350 ක් පමණ ජීවත් වන බවයි.
චතුර පමුණුව