අක්‍ෂි කාච, ස්ටෙන්ට් ඇතුළු වෛද්‍ය  උපකරණවල මිල සියයට 29කින් නගී

941

අක්ෂි කාච, ස්ටෙන්ට් ඇතුළු වෛද්‍ය උපකරණ කිහිපයක් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉහළ දමමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

ඉකුත් 28 වැනිදා සිට කි‍්‍රයාත්මක වන පරිදි මෙම මිල සංශෝධනය සිදු කර තිබේ.

මේ අනුව එම වෛද්‍ය උපකරණවල මිල ගණන් සියයට 29%කින් පමණ ඉහළ ගොස් ඇත.

මෙසේ මිල ඉහළ ගොස් ඇති සෙසු වෛද්‍ය උපකරණ වන්නේ රුධිර ග්ලූකෝස් මාපක සහ ඒ සඳහා භාවිතා කරන පරීක්ෂණ තීරු සහ රුධිර ස්පන්දනය මැනීම සඳහා භාවිතා කරන පල්ස් ඔක්සි මීටර වර්ග වේ.

නව මිල ගණන් අනුව ඇකි‍්‍රෆෝල්ඞ් අක්ෂි කාචයක මිල රුපියල් 4,921.35 කි. ඇකි‍්‍රසර්ට් පි‍්‍රලෝඩඞ් ඩිලවරි සිස්ටම් වර්ගයේ අක්ෂි කාචයක මිල රුපියල් 27,348 කි. මෙලෙස අක්ෂි කාච වර්ග 38ක මිල ගණන් ඉහළ ගොස් ඇත.

හෘද රෝගීන් සඳහා භාවිතා කරන ස්ටෙන්ට් අතරින් ලෝහමය ස්ටෙන්ට් එකක මිල රුපියල් 38,597.45 කි. ඖෂධ මුදාහරින ස්ටෙන්ට් එකක මිල රුපියල් 168,732 කි.

රුධිර ග්ලූකෝස් මාපකයක මිල රුපියල් 4,429.22 ක් ද රුධිර ග්ලූකෝස් මාපක සඳහා භාවිතා කරන පරීක්ෂණ තීරුවක මිල රුපියල් 80.15 ක් ලෙස ද පල්ස් ඔක්සි මීටරයක මිල රුපියල් 3,870ක් ලෙසින් ද ඉහළ ගොස් තිබේ.

උපාලි ද සේරම්


advertistmentadvertistment