අකුණු සැරයි – වැස්ස වැඩියි

40

උතුරු සහ දකුණු අර්ධ ගෝලයන්ගෙන් පැමිණෙන සුළං එක්රැස් වන කලාපය දිවයිනේ කාලගුණයට බලපෑමට ඉඩ ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

ද (29) සවස හෝ රාත්‍රියේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි. දකුණු, බස්නාහිර පළාත්වල, පුත්තලම, මන්නාරම, යාපනය දිස්ත්‍රික්කවල උදෑසන වැසි ඇති වීමට ඉඩ ඇත.

මධ්‍යම, ඌව, නැගෙනහිර, උතුරු-මැද පළාත්වල, වව්නියාව, මුලතිව් දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇති විය හැකිය.

ගිගුරුම් සහිත වැසි හේතුවෙන් ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු අවම කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.


advertistmentadvertistment