වරද පිළිගෙන හංගේරියානු ජනාධිපතිනිය ඉල්ලා අස්වේ

498

ළමා ලිංගික අපයෝජන සිද්ධියක් වසන් කිරීමේ චෝදනාවට වරදකරු වූ පුද්ගලයකුට සමාව දීමට ගත් තීරණය හේතුවෙන් හංගේරියානු ජනාධිපති කැටලීන් නොවැක් මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.

එරට රූපවාහිනි නාලිකාවක් ඔස්සේ හංගේරියානු ජනාධිපතිවරිය සිය ඉල්ලා අස්වීම නිවේදනය කර ඇත.

ළමා නිවාසයක අධ්‍යක්‍ෂවරයකුට එරෙහිව එල්ල වී තිබූ ලිංගික අපයෝජන චෝදනාවක් සම්බන්ධයෙන් වූ පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නා ලෙසට ළමුන්ට බලකිරීම සම්බන්ධයෙන් සිරගත වූ පුද්ගලයකුට ජනාධිපති කැටලීන් නොවැක් පසුගිය සතියේ සමාව ලබා දී තිබිණි.

ඒ සම්බන්ධයෙන් හංගේරියාවේ විරෝධතා පැවති අතර, විරෝධතාකරුවන් පැවසුවේ ජනාධිපතිවරිය සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි. අදාළ පුද්ගලයාට සමාව ලබාදීමේ දී තමා වරදක් කළ බව පවසමින් හංගේරියානු ජනාධිපති කැටලින් නොවැක් ජනතාවගෙන් සමාව අයැද සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment