අතුරුදහන් වූවන් පිළිබඳව සෙවීමේ කාර්යාලය සහ උතුරේ අලාභ හානි සඳහා වන්දි ගෙවීමට ස්ථාපිත කාර්යාලය නැවත සක්‍රීය කටයුතු කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් උතුරේ දේශපාලන නායකයින් සහ සිවිල් වැසියන් ඉල්ලා සිටි බවත් ඒ අනුව එම කාර්යාල සමගි ජනබලවේගය රජයක් තුළින් නැවත සක්‍රීය කරන බව විපක්ෂ නායකවරයා පැවැසූ බවත් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පැවැසීය.
කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පෙරේදා (16) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඉරාන් වික්‍රමරත්න මහතා මෙසේද අදහස් ප්‍රකාශ කළේය.
විපක්ෂ නායකතුමා උතුරේ සිදුකළ සංචාරයේදී මූලිකත්වය ලබාදුන්නේ සක්වල වැඩසටහනට. දරුවන්ට තාක්ෂණය සමඟ ඉදිරියට යාමට සක්වල සුහුරු පන්ති කාමර ලබාදීමේ වැඩසටහන වැදගත් වෙනවා. අද වනවිට ලෝකය තාක්ෂණය හරහා සීඝ්‍රයෙන් වෙනස් වෙනවා. ඒ වගේම අනාගතයේදී ඇති නැති පරතරය මනින්න වෙන්නේ අධ්‍යාපන මට්ටමෙන්. අධ්‍යාපන මට්ටම වැඩි කරන්න පාසල් දරුවන්ට තාක්ෂණය භාවිතා කිරීමේ හැකියාවේ තිබිය යුතුයි. දරුවන් තාක්ෂණය භාවිතා කර ඉගෙනීමෙන් එය දරුවාට වගේම ගුරුවරයාටද එය විශාල ශක්තියක් වෙනවා. ඒ නිසා තාක්ෂණය භාවිතා කිරීම ගුරුවරයාට සහ සිසුන්ට වටිනා දෙයක්. ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක සක්වල වැඩසටහන යටතේ ක්‍රියාත්මක සුහුරු පන්තිකාමර ලබාදීමේ වැඩපිළිවෙළ මේ ක්‍රියාවලියේ ආරම්භයක් පමණයි.
විපක්ෂ නායකතුමා යාපනයේ සහ කිලිනොච්චියේ සිදුකළ සංචාරයේදී උතුරේ දේශපාලන නායකයින් මුණගැසුණා. ඒ වගේම යාපනයේ සහ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය දේශපාලන නායකයන්, වෘත්තිය සමිති නායකයන්, විද්වතුන්, සිවිල් සමාජ ක්‍රියාකාරීන් මුණගැසිලා සාකච්ඡා කළා. ඔවුන්ගේ අදහස්වලට එහිදී විපක්ෂ නායකතුමා සවන් දුන්නා. එකමුතු ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන්න උතුරේ ජනතාවගේ අදහස් වැදගත් වෙනවා. සමාජීය මට්ටමින්, දේශපාලන මට්ටමින් එකමුතු ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට නොහැකි වුණොත් රටේ ආර්ථිකය නිර්මාණය කරන්න නොහැකියි. රටේ දේශපාලන ස්ථාවරභාවයක් නොමැතිවුණොත් ආර්ථිකය හදන්න බෑ. ඉදිරියේදී ලංකාවේ දළ දේශීය නිෂ්පාදන වර්ධනය සියයට 8 ත් වඩා වර්ධනය විය යුතුයි. ඒ ඉලක්කයට යන්න සමාජීය දේශපාලන ප්‍රශ්න විසඳාගෙන එකමුතු ශ්‍රී ලංකාවක් ගොඩනැගිය යුතුයි. එය සිදුකළොත් ලංකාව ඉහළට ගන්න පුලුවන්.
2015-2019 රජය විසින් අතුරුදහන් වූවන් පිළිබඳව සෙවීමට කාර්යාලයක් ස්ථාපිත කළා. නමුත් වර්තමාන රජය ඒ වැඩපිළිවෙළ කඩකප්පල් කරලා තිබෙනවා. එය නැවත ශක්තිමත් කරන්න කියලා උතුරේ දේශපාලන නායකයින් ඉල්ලා සිටියා. සමගි ජනබලවේගය රජයක් තුළින් අතුරුදහන් වුවන් පිළිබඳ සෙවීමේ කාර්යාලය නැවත සක්‍රීය කරලා. අතුරුහන් වූවන්ගේ පවුල්වල සාමාජිකයන්ට අතුරුදහන් වූවන් පිළිබඳ සොයාබලා විස්තර ලබාදෙන්න කටයුතු කරනවා. ඒ වගේම 2025- 2019 රජය විසින් උතුරේ අලාභ හානි සොයා වන්දි ගෙවීම සඳහා කාර්යාලයක් විවෘත කළා. නමුත් වර්තමාන රජය ඒ වැඩපිළිවෙළත් නිසායාකාරව සිදුකළේ නෑ. ඒ කාර්යාලයත් නැවත ස්ථාපිත කරන්නැයි උතුරේ දේශපාලන නායකයින් සහ ජනතාව ඉල්ලා සිටියා.
අකිත පෙරේරා