අදත් දුම්රිය වර්ජනය

58

දුම්රිය රියදුරන් පිරිසක් විසින් ආරම්භ කර ඇති වැඩවර්ජනය සිව් වන දිනටත් අද (10) ක්‍රියාත්මක වන බව ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය පවසයි.ඒ අනුව අද උදෑසන කාර්යාල දුම්රිය ගමන් වාර 20ක් පමණ අවලංගු වන බව දුම්රිය පාලක මැදිරිය සදහන් කරයි. දෙවන පෙළ උසස් වීම් ලබාදීම ප්‍රමාද වීම, බඳවා ගැනීම් ප්‍රමාද වීම ඇතුළු ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ඉකුත් 06 වැනිදා මධ්‍යම රාත්‍රී 12 සිට ආරම්භ කළේය.දුම්රිය ධාවනාගාර 5න් ධාවනාගාර දෙකක රියදුරන් පමණක් මෙම වර්ජනයට එක්ව සිටිති. මේ හේතුවෙන් බලවේග කට්ටල දුම්රිය ධාවනය සිදුනොවන බව සඳහන්ය.මෙම ගැටළුව සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ, ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය ඇතුළු වෘත්තීය සමිති 05කට සිය ගැටළ ඉදිරිපත් කිරීම සඳහා අද දිනයේ දී සාකච්ඡාවක් ලබා දී ඇති බවය.ඒ අනුව අද දහවල් 12ට තමාගේ ප්‍රධානත්වයෙන් මහාමාර්ග අමාත්‍යංශයේ දී මෙම සාකච්ඡාව පැවැත්වෙනු ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment