අදත් රෑ දුම්රිය පමාවක්

126

කොළඹ කොටුවෙන් අද පස්වරුවේදී ගමන් ආරම්භ කරන දුම්රිය 06ක් ප්‍රමාදයක් සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. .දුම්රිය විදුලි කාර්මිකයින් පිරිසක් ඊයේ (23) පස්වරුවේ සිට ආරම්භ කර ඇති හදිසි වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් මෙලෙස අද පස්වරුවේ දුම්රිය ප්‍රමාදයන් සිදුවන බව සදහන් කරයි.දුම්රිය නියාමකවරයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දුම්රිය විදුලි කාර්මිකයෙකු අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් විදුලි කාර්මිකයින් පිරිස මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබුණි.


advertistmentadvertistment