අපේ කෙල්ලන්ට දෙවෙනි ජයත් !

35

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා – ඉන්දියා කාන්තා තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ සිය දෙවන ජයග්‍රහණය සනිටුහන් කිරීමට ශ්‍රී ලංකාව සමත් විය . ඒ ප්‍රබල ඉන්දීය කණ්ඩායමට එරෙහිව සාර්ථක හඹායෑමකිනි . පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම ලකුණු 275ක් රැස් කරගත් අතර අදාළ ඉලක්කය පන්දුවාර 49.1කදී කඩුලු 7ක් දැවී සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකාව සමත් විය.
ඉන්දියාව ලබාදුන් ලකුණු 275ක ඉලක්කය හඹායෑමේදී හර්ෂිතා සමරවික්‍රම ලකුණු 53ක් රැස් කරගත් අතර පිතිකරණ ලැයිස්තුවේ හයවැන්නේ තරග කළ නිල්ක්ෂිකා පන්දු 33කදී ලකුණු 56ක් රැස් කළාය.


advertistmentadvertistment