අයිස් ක්‍රීම් ටේලරය එළියට

56

රංගන ශිල්පි ප්‍රදීප් ධර්මදාස විසින් අධ්‍යක්ෂණය කල ”‍අයිස් ක්‍රීම් ”‍චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය සහ ගීත එළිදැක්වීම පසුගියදා , චිත්‍රපටයේ රංගන හා කාර්මික ශිල්පීන් , මාධ්‍යවේදීන් සහ විශේෂ ආරාධිතයින් පිරිසක් ඉදිරියේදී සිදුවිය .කල්පාන්විත ලෝකයත් යථාර්ථයත් අතර අතරමං වූ , රැකියා විරහිත පැල්පත් නිවාසවාශි සෙල්ලක්කාර තරුණයකුගේ ජීවන චර්යාවන් පිළිබඳව දිගහැරෙන , නුදුරේදීම තිරගත වීමට නියමිත මෙම චිත්‍රපටයේ , හේමාල් රණසිංහ , බිමල් ජයකොඩි, රොෂාන් රණවන , අයිශාරා අතුකෝරාළ , සරත් කොතලාවල , ජයලත් මනෝරත්න ,දමිතා අබේරත්න ,රුක්මල් නිරෝෂ් , වීණා ජයකොඩි ,මධුශාන් නානායක්කාර , චින්තක වාස් , ආනන්ද කුමාර උන්නැහේ , කෝරළගේ සමන් , අංජන ප්‍රේමරත්න ඇතුළු පිරිසක් රංගනයෙන් දායකව ඇත . කලණ ගුණසේකරගේ තිර රචනයකට අනුව නිර්මාණය වූ මෙහි කැමරා අධ්‍යක්ෂණයෙන් චින්තක සෝමකීර්ති , සංස්කරණයෙන් රුක්මල් නිරෝෂ් , සහය අධ්‍යක්ෂණයෙන් චාමර සේලාර , වර්ණ සංයෝජනයෙන් දිනිඳු ජාගොඩ , සංගීත අධ්‍යක්ෂණයෙන් කසුන් කල්හාර, ගීත රචනයෙන් මංජුල වෙඩිවර්ධන , ගීත ගායනයෙන් කසුන් කල්හාර , කුෂාණි සඳරේඛා සහ ශේන් සිං ඇතුළු පිරුසක් දායකව ඇති ”‍ අයිස් ක්‍රීම්”‍ කෝකිලා විතානගේ සමගින් දුමින්ද පියරත්න එක්ව නිෂ්පාදනය කර ඇත .

අයිස් ක්‍රීම් ටේලරය එළියට
අයිස් ක්‍රීම් ටේලරය එළියට

ඇන්ටන් ජේ.ප්‍රනාන්දු


advertistmentadvertistment