අරගලය නිසා හානිවූ දේපොළ වලට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන්දි ගත් හැටි

433

අරගලය සමයේ ගිනි තැබීමෙන් විනාශයට පත් දේපොළ වලට වන්දි ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 43 දෙනකු රුපියල් කෝටි 122.41 ලබාගෙන ඇතැයි අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.මෙම වන්දි මුදල් ලබාගෙන ඇත්තේ නිශ්චල සහ චංචල දේපොළ වන නිවාස සහ වාහන ඇතුළු දේපොළ සඳහා යැයිද සඳහන් කළේය. එහිදී වැඩිම වන්දි මුදලක් ලබාගෙන ඇත්තේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයකු වන කෙහෙලිය රඹුක්වැල්ල මහතාය.ඔහු ලබාගෙන ඇත වන්දි මුදල රුපියල් ලක්ෂ 959කි.ඉන්පසු වැඩිම වන්දි මුදලක් ලබාගෙන ඇත්තේ හිටපු අමාත්‍යවරයෙකු වන ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාය.එය රුපියල් ලක්ෂ 934කි.තෙවෙනුව වැඩිම වන්දි මුදලක් ලබාගෙන ඇත්තේ හිටපු අමාත්‍යවරයෙක් වන ගාමිණී ලොකුගේ මහතාය.එය රුපියල් ලක්ෂ 749කි.පවතින නීතිය අනුව දේපොළ වන්දි සඳහා රජයෙන් ලබාදෙන උපරිම වන්දි මුදල වනුයේ රුපියල් ලක්ෂ 25ක් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.රජයෙන් වන්දි ලබාගෙන ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 43 දෙනා මෙසේය.

කපිල නුවන් අතුකෝරළ – රුපියල් 504,000,විමලවීර දිසානායක – රුපියල් 550,000,ගීතා කුමාරසිංහ – රුපියල් 972,000 ,
ජනක තිස්සකුට්ටිආරච්චි  – රුපියල් 1,143,000,ගුණපාල රත්නසේකර – රුපියල් 1,412,780,ප්‍රේමනාත් සී දොලවත්ත – රුපියල් ලක්ෂ 23යි,ප්‍රියංකර ජයරත්න – රුපියල් 2,348,000,සම්පත් අතුකෝරළ – රුපියල්   2,540,610,ජයන්ත කැටගොඩ – රුපියල් 2,814,800,විමල් වීරවංශ  – රුපියල් 2,954,000,මහාචාර්ය චන්න ජයසුමන – රුපියල් 3,334,000,අකිල එල්ලාවල – රුපියල් 3,554,250,චමල් රාජපක්ෂ – රුපියල් 6,539,374,චන්දිම වීරක්කොඩි – රුපියල් 6,948,800,අශෝක ප්‍රියන්ත -, රුපියල් 7,295,000,සමන් ප්‍රිය හේරත් – රුපියල් ලක්ෂ 105.2යි,ජනක බණ්ඩාර තෙන්නකෝන් – රුපියල් ලක්ෂ 105.5යි,රෝහිත අබේගුණවර්ධන – රුපියල් ලක්ෂ 116.4යි
විශේෂඥ වෛද්‍ය සීතා අරඹෙපොළ – රුපියල් ලක්ෂ 137.8යි,සහන් ප්‍රදීප් – රුපියල් ලක්ෂ 171.3යි,ශෙහාන් සේමසිංහ – රුපියල් ලක්ෂ 185.1යි,ඉන්දික අනුරුද්ධ – රුපියල් ලක්ෂ 195.5යි,මිලාන් ජයතිලක – රුපියල් ලක්ෂ 223යි,වෛද්‍ය රමේෂ් පතිරණ – රුපියල් ලක්ෂ 281යි,දුමින්ද දිසානායක – රුපියල් ලක්ෂ 288යි,කනක හේරත් රුපියල් ලක්ෂ 292යි,ඩී බී හේරත් – රුපියල් ලක්ෂ 321යි,ප්‍රසන්න රණවීර –  රුපියල් ලක්ෂ 327යි,ඩබ්ලිව් ඩී වීරසිංහ – රුපියල් ලක්ෂ 372යි,ශාන්ත බණ්ඩාර – රුපියල් ලක්ෂ 391යි,එස් එම් චන්ද්‍රසේන – රුපියල් ලක්ෂ 438යි,සනත් නිශාන්ත – රුපියල් ලක්ෂ 427යි,සිරිපාල ගම්ලත් – රුපියල් ලක්ෂ 509යි,අරුන්දික ප්‍රනාන්දු – රුපියල් ලක්ෂ 552යි,සුමිත් උඩුකුඹුර – රුපියල් ලක්ෂ 559යි,ප්‍රසන්න රණතුංග – රුපියල් ලක්ෂ 561යි,කෝකිලා ගුණවර්ධන – රුපියල් ලක්ෂ 587යි,මොහාන් පී ද සිල්වා – රුපියල් ලක්ෂ 601යි,නිමල් ලාන්සා රුපියල් ලක්ෂ – 692යි,අලි සබ්රි රහීම් – රුපියල් ලක්ෂ  709යි,ගාමිණි ලොකුගේ – රුපියල් ලක්ෂ 749යි,ජොන්ස්ටන් ප්‍රනාන්දු  – රුපියල් ලක්ෂ 934යි,කෙහෙළිය රඹුක්වැල්ල – රුපියල් ලක්ෂ 959යි


advertistmentadvertistment