මිනිපේ ගොවි ජනපදයේ වනගත ගම්මාන ආශ්‍රිතව වීදි පහන් සවිකිරීමේ ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට මිනිපේ ප්‍රාදේශීය සභාව පියවර ගෙන ඇත.
අලි මිනිස් ගැටුම හමුවේ අසරණ වී සිටින ගම්වාසීන්ගේ හා පාසල් දරුවන්ගේ ආරක්ෂාව සඳහා හසලක වනජිවී අඩවි ආරක්ෂක කාර්යාලය, ප්‍රාදේශීය සභාව සමඟ ඒකාබද්ධව විදුලිබල මණ්ඩලයේ හසලක විදුලි අධිකාරී කාර්යාලයේ සහයෝගයෙන් වැඩසටහන ක්‍රියාත්මක වේ.
මේ යටතේ ඇඳගලයාය, දුන්ගොල්ල, පමුණුපුරය, පල්ලේගල දෙබොක්ක, මීගහමඩ ඇතුළු ගම්මාන රැසක් ආවරණය වන පරිදි විදුලි පහන් සවි කිරීම සිදුකරනු ලබයි.
විදුලි බල මණ්ඩලයේ රැහැන් මගින් විදුලිය ලබාදී නැති ප්‍රදේශ සඳහා සෝලා යටතේ විදුලි පහන් සවිකිරීමට කටයුතු කර තිබෙන බව ප්‍රාදේශීය සභාවේ පරිසර නිලධාරී දිසානායක මහතා පැවැසීය.
මෙම නව ව්‍යපෘතිය නිසා මෙතෙක් බහුල ලෙස වනඅලි ගැවසුණු ගම්මානවල ජනතාවට බියක් සැකයක් නොමැතිව රාත්‍රී කාලයේ ගමන් බිමන් යෑමට හැකි බවත් මෙම ප්‍රජා කටයුත්තට දායකත්වය දැක්වූ සියලුම දෙනාට තම ස්තුතිය පිරිනමන බව ඇඳගලයාය ගම්මානයේ පදිංචි උපුල් රත්නායක මහතා පැවසීය.
කන්දකැටිය – ජී. චතුරංග