සැලසුමකින් තොරව, රජයේ රෝහල්වල ධාරිතාවට සහ අවශ්‍යතාවන්ට නොගැළපෙන, භෞතික සම්පත් ලබාදීම මත රෝහල්වලට මෙන්ම අමාත්‍යාංශයට ද විවිධ ගැටලු මතුවීම් සහ චෝදනා එල්ලවීම් සිදුවන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
විශේෂයෙන්ම නිසි සැලසුමකින් තොරව රජයේ රෝහල්වලට ගොඩනැඟිලි සහ වෛද්‍ය උපකරණ අනවශ්‍ය පරිදි ලබාදීම නිරන්තරයෙන් සිදුවන බවත්, අනතුරුව ඒවා භාවිතයට කාර්ය මණ්ඩල සපයා නොමැති බවට අමාත්‍යාංශයට බහුල ලෙස චෝදනා එල්ලවන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ විෂය පථයට අයත් සීදූව විජය කුමාරතුංග අනුස්මරණ රෝහලේ ප්‍රතිකාර සේවාවන්හි වත්මන් තත්ත්වය සහ ඉදිරි සැලසුම් පිළිබඳව පසුගියදා රෝහල් පාලනාධිකාරිය සමග එම රෝහල් පරිශ්‍රයේ පැවැත් වූ සාකච්ඡාවකදීය.
දිවංගත විජය කුමාරතුංග කලාකරුවා සිහිවීම පිණිස මෙම රෝහල විජය කුමාරතුංග අනුස්මරණ රෝහල ලෙස එවකට සිටි ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අතින් 1999 ඔක්තෝබර් මස 09 දින ජනතා අයිතියට පත්කෙරුණි. මෙම රෝහල් අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපතිනිය ලෙස වර්තමානයේද හිටපු ජනාධිපතිනි, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය කටයුතු කරනු ලබයි.
2020 වසරේ සිට මේ දක්වා රෝහලේ කාර්ය සාධනය, රජයේ ප්‍රදාන, ඉපැයීම් සහ වියදම්, පරිත්‍යාග ලැබීම්, 2025 වසරට අදාළව වෛද්‍ය උපකරණ, ගෘහභාණ්ඩ සහ ගොඩනැඟිලිවලට අදාළ මුළු ඇස්තමේන්තුගත ප්‍රාග්ධන අයවැය ඇතුළු පරිපාලන කටයුතු පිළිබඳව ද මෙහිදී අමාත්‍යවරයා දැඩි අවධානයකින් යුතුව කරුණු සොයා බලනු ලැබීය.
රෝහල මගින් අඩු ආදායම්ලාභීන්ට සහ අනුමත සුදුසුකම් සපුරා ඇති සහ වකුගඩු රෝගීන්ට අක්ෂි කාචයේ සිට දැනට සපයන ප්‍රතිකාර සේවා නොමිලේ ලබාදීමේ වැඩපිළිවෙළ තවදුරටත් වඩා ක්‍රමවත්ව ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සැලසුම් පිළිබඳව මෙහිදී අමාත්‍යවරයා සිය අදහස් ඉදිරිපත් කරන ලද අතර අක්ෂි කාච ලබාගැනීමේ වැඩපිළිවෙළ, රෝහලට අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාගැනීම හා නඩත්තුව, භාණ්ඩාගාරය සමග සම්බන්ධව රෝහලට ලැබෙන පරිත්‍යාග බදුවලින් නිදහස් කරගැනීම යන රෝහල් කළමනාකාරීත්වයේ ඉල්ලීම් ඉටුකරදීමට අවශ්‍ය කටයුතු සැලසුම් කරන බවද පැවසීය.
රෝහලේ දැනට අක්‍රීය වී පවතින උපකරණ යථා තත්ත්වයට පත්කර රෝහල මගින් ලබාදෙනු ලබන රෝගී ප්‍රතිකාර සේවා වැඩිදියුණු කරගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපරිම සහයෝගය ලබාදෙන බව මෙහිදී සදහන් කළ අමාත්‍යවරයා විජය කුමාරතුංග රෝහල මගින් සිදු කරන අක්ෂි සම්බන්ධ රෝග ප්‍රතිකාර සහ ශල්‍යකර්ම සේවාවන් ඇගයීමට ද ලක්කරන ලදී.
මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, විජය කුමාරතුංග රෝහල් අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයන් වන එන්. ඒ. උමගිලිය, ආනන්ද විමලවංශ, වයි. පී. සුමනාවතී, වෛද්‍ය චාමර කුමාරගේ, වෛද්‍ය චරිත් ෆොන්සේකා, මෙහෙයුම් කළමනාකරණ කණ්ඩායම නියෝජනය කරමින් අධ්‍යක්ෂ ජී. ඩී. ඒ. රණවීර, ප්‍රධාන හෙද නිලධාරිනී ඒ. එම්. එච්. කේ. අලහකෝන්, ගණකාධිකාරී පී. ඩී. ටී. පී. එන්. බර්නාඩ්, පරිපාලන නිලධාරී අර්. ඒ. ඒ. එස්. කේ. රණසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.