ආණ්ඩුව බොරු කියන බව නාමල් රාජපක්ෂගෙන් චෝදනාවක්

169

ආණ්ඩුවට ඇති වැඩපිලිවෙල කුමක්දැයි කියා පවසන ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.ආණ්ඩුවේ වැඩපිලිවෙල ගැන ඇසූවිට විපක්ෂයට චෝදනා කරන බවත් තවම බලයට පත්වී මාසයයි දෙකයි ආදී ලෙස පවසන බවත් කීවේය.ආණ්ඩුව දැන් කරන්නේ බලයට ඒම සඳහා කියූ බොරු වසාගැනීමට තවත් බොරු කියන එක පමණක් යැයිද කීවේය.පළාත් පාලන මැතිවරණය සම්බන්ධ තීන්දුව අධිකරණය විසින් කථානායකවරයා වෙත යවා ඇති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසන විට තවම එම තීන්දුව තමාට ලැබී නැතැයි කථානායකවරයා පාර්ලිමේන්තුවේදී පවසන බවත් නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.ආණ්ඩුව තමන් කියූ බොරු ඇත්ත කරන්නට දැඩි උත්සාහයක යෙදෙන බවත් නමුත් එය අසාර්ථකවී ඇති බවට සමාජය තුළ මතුවෙම්න පවතින කතිකාවත් තුළින් හෙළිවන බවත් කීවේය.


advertistmentadvertistment