මෙයට වසර 55කට පෙර නීල් ආම්ස්ට්‍රෝං හා එඩ්වින් ඕල්ඩ්රින් විසින් ගොඩ බැස ඇති සඳෙහි කොටසට නුදුරින් ගුහාවක් පවතින බව විද්‍යාඥයන් විසින් තහවුරු කර තිබේ. විද්‍යාඥයන් විසින් හඳුනාගෙන ඇති අදාළ ගුහාව පිහිටා ඇත්තේ නීල් ආම්ස්ට්‍රෝං හා එඩ්වින් ඕල්ඩ්රින් සහිත ඇපලෝ 02 යානය 1969 වසරේදී සඳ මත ගොඩ බැස ඇති ස්ථානයට සැතපුම් 250ක් (කිලෝ මීටර් 400ක්) ඈතින්ය. ඉතාලි ජාතික විද්‍යාඥයකුගේ නායකත්වයෙන් යුත් විද්‍යාඥයන් කණ්ඩායමක් විසින් සිදු කළ අධ්‍යයනයක වාර්තාවකට අනුව සඳෙහි මෙතෙක් හඳුනානොගත් ඉදිරියේදී ගගනගාමින් හට නවාතැන් සැපයිය හැකි තවත් ගුහාවල් සිය ගණනක් පැවතිය හැකිය.
අදාළ විද්‍යාඥයන් කණ්ඩායම විසින් ඉදිරිපත් කර ඇති වාර්තාවට අනුව සඳෙහි වළවල් සිය ගණනක් හා ලෝදිය නළ දහස් ගණනක් පැවතිය හැකි අතර එන ස්ථාන ගගනගාමීන්ට ස්වාභාවික වාසස්ථාන ලෙස භාවිත කළ හැකි වනු ඇත.