ආයුර්වේද ඖෂධ විකුණන මුවාවෙන් පාසල් සිසුන් ඉලක්ක කර මත්ගුලි විකිණූ පුද්ගලයකු පෙරේදා (22 දා) රුපියල් ලක්ෂ විසිඑකකට වඩා වැඩි වටිනාකමකින් යුත් මත්ගුලි තොගයක් සමග අත්අඩංගුවට ගැනීමට කන්තලේ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීහු සමත් වූහ.
සැකකරු කන්තලේ නගරයේ ආයුර්වේද ඖෂධ වෙළෙඳසලක් පවත්වාගෙන යමින් පාසල් සිසුන් ඉලක්ක කර මෙම මත්ගුලි විකුණා ඇති අතර වැටලීම සිදුකරන අවස්ථාවේ කාඩ්බෝඩ් පෙට්ටි අටක් තුළ මත්ගුලි 10920ක් තිබී අත්අඩංගුවට ගත් අතර එහි වෙළෙඳපොළ වටිනාකම රුපියල් විසිඑක් ලක්ෂ අසූ හතරදාහක් වන බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු හා මත්ගුලි කන්තලේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට ලද තොරතුරක් අනුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තිස්ස විතානගේ මහතාගේ උපදෙස් මත ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්. එම්. එම්. සෙනෙවිරත්න, පො.කො. වරුන් වන (87238) ජයකොඩි, (82745) පෙරේරා, (90100) ජෙමින් යන නිලධාරීහු මෙම වැටලීම සිදුකර සැකකරු සමග මත්ගුලි අත්අඩංගුවට ගැනීමට සමත් වූහ.
කන්තලේ – ඩබ්. එම්. වික්‍රමසිංහ