ආරක්ෂාව අකුරටම – ඊශ්‍රායල් සංචාරකයන් ආරුගම්බෙන් ගිහින්

179

ආරුගම්බේ වෙත පැමිණ සිටි සියලුම ඊශ්‍රායල් ජාතික සංචාරකයන් එම ප්‍රදේශයෙන් බැහැරවී ඇතැයි නැඟෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඊයේ (28දා) දිවයිනට පැවසීය.

ඊශ්‍රායල් ජාතික සංචාරකයන් ආරුගම්බෙන් බැහැරව ඇතත් යුරෝපා ජාතිකයන් ප්‍රදේශයේ සංචාරයේ නිරත වන බවද අජිත් රෝහණ මහතා කීය.

නැඟෙනහිර පළාතේ ආරක්ෂාව නිසි පරිදි පවත්වාගෙන යන බවත් ආරුගම්බේ අවට ත්‍රිවිධ හමුදාව මෙන්ම පොලිසිය හා බුද්ධි අංශ නිලධාරීන්ද යොදා සිටින බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේය.

නෝමන් පලිහවඩන


advertistmentadvertistment