ආරක්ෂාව අවශ්‍යයයි ඉල්ලීම් කරන මන්ත්‍රීවරුන්ගේ යෝජනා සලකා බැලීම සඳහා ජාතික ආරක්ෂක කවුන්සිලයට යොමුකිරීමට කටයුතු කරන බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසුවේය.
වැඩබලන පොලිස්පති මේ අදහස් පළකලේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩබලන පොලිස්පති හා ඇමති ආරක්ෂක කොට්ඨාස අධ්‍යක්ෂවරයා ඇතුළු අදාළ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති සාකච්ඡාවකදී ය.
දැනට ආරක්ෂාව සම්බන්ධ අවසන් තක්සේරු වාර්තා ලැබී ඇති මන්ත්‍රීවරයන්ට අවශ්‍ය ආරක්ෂාව ලබාදීමට කටයුතු කර තිබෙන බවද වැඩබලන පොලිස්පතිවරයා එහිදී කියාසිටියේය.