ආසියානු කුසලාන අවුරුදු 18 න් පහළ හොකී තරගාවලියට තෝරා ගැනීමේ පරීක්ෂණය

5

බාලිකා – අද සහ හෙට

බාලක – සඳුදා සහ අනිද්දා

“ආසියානු කුසලාන” වයස අවුරුදු 18 න් පහළ හොකී තරගාවලියට සහභාගී කරවන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තෝරා ගැනීමේ මූලික පරීක්ෂණය අද (23දා) සහ හෙට (24දා) කොළඹ හතේ රීඩ් මාවතේ පිහිටි කෘතිම ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

මෙවර පිරිමි තරගාවලියට සහභාගි කරවන ශ්‍රී ලංකා කනිෂ්ඨ කණ්ඩායම තෝරා ගැනීමේ පරීක්ෂණය සඳුදා (26දා) සහ අඟහරුවාදා (27දා) පැවැත් වීමට ශ්‍රී ලංකා හොකී සම්මේලනය පියවර ගෙන තිබේ.

2007, 2008 සහ 2009 වර්ෂ වල උපත ලබා ඇති දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පමණක් මෙම තෝරා

ගැනීමේ පරීක්ෂණය සඳහා සහභාගි විය හැකි බව ශ්‍රී ලංකා හොකී සම්මේලනය නිවේදනය කර සිටී. එක් පාසලකින් සහභාගි විය හැක්කේ ක්‍රිඩකයන් 07 දෙනකුට සහ ක්‍රීඩීකාවන් 07 දෙනකුට පමණක් බව එහි වැඩි දුරටත් සඳහන්වේ.


advertistmentadvertistment