ඇමරිකානු තානාපති කාර්යාලය විසින් ඇමරිකානු ඩොලර් මිලියනයක් වටිනා අතිනවීන විකිරණ සහ රසායනික හඳුනා ගැනීමේ පද්ධතියක් ඊයේ (15දා) ශ්‍රී ලංකා නාවික හමුදාවට ලබා දුන්නේය.
මෙය ලබාදී ඇත්තේ ශ්‍රී ලංකාවේ සමුද්‍රීය බල ප්‍රදේශය තුළ න්‍යෂ්ටික, විකිරණශීලි සහ රසායනික තර්ජන හඳුනාගෙන ඒවාට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව සැලකිය යුතු ලෙස ඉහළ නංවා ගැනීම සඳහාය.
එක්සත් ජනපද බලශක්ති දෙපාර්තමේන්තුවේ ජාතික න්‍යෂ්ටික ආරක්ෂක පරිපාලනය සහ එහි න්‍යෂ්ටික ජාවාරම් හඳුනාගැනීමේ සහ වැළැක්වීමේ කාර්යාලය හරහා සපයන ලද මෙම අතිනවීන උපකරණ ඊයේ (15දා) දින ශ්‍රී ලංකා නාවික හමුදා මූලස්ථානයේ පැවති උත්සවයකදී නිල වශයෙන් භාරදෙන ලදී. මෙම උත්සවයට එක්සත් ජනපද තානාපති ජූලි චන්ග් මහත්මිය සහ ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ මහතා ද සහභාගි වූහ. මෙම උපකරණ මගින් ශ්‍රී ලංකා නාවික හමුදාවට ඉන්දියානු සාගරයේ සංචාරය කිරීම්, ගොඩබෑම්, සෝදිසි කිරීම්, වැටලීම් සම්බන්ධ මෙහෙයුම් සිදුකිරීමේ හැකියාව වැඩිදියුණු කරනු ලබයි. ඒ සමගම මෙම උපකරණ මගින් අන්තරායකර රසායනික, විකිරණශීලි සහ න්‍යෂ්ටික ද්‍රව්‍ය හඳුනාගෙන ඒවා අවහිර කිරීමේ හැකියාව ශක්තිමත් කරමින් ජාතියේ වරායන් සහ සමුද්‍රීය මාර්ග ආරක්ෂා කරයි.
ශ්‍යාම් නුවන් ගනේවත්ත