රතු වරෙන්තු අපරාධකරුවන්ගේ ෆොටෝ රට රටවලදී පෙන්වයි

171

එක්සත් එමීර් රාජ්‍යයේ සහ ඉන්දියාවේ රැඳී සිටින රතු වරෙන්තු නිකුත් කර ඇති මෙරට අපරාධකරුවන් දුටු තැන අත්අඩංගුවට ගැනීම සඳහා ඔවුන්ගේ ඡායාරූප එම රටවල ප්‍රසිද්ධ ස්ථානවල ප්‍රදර්ශනය කිරීමට ශ්‍රී ලංකා පොලිසිය තීරණය කර ඇත.

ඉන්දියාවේ නවදිල්ලි නුවර සතියක් තිස්සේ පැවැති අන්තර්ජාතික පොලිස් සමුළුවේ දී ශ්‍රී ලාංකික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 20දෙනකු පිළිබඳව අවධානය යොමු කිරීමෙන් පසු මෙම පියවර ගැනීමට තීරණය කළ බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

මේ අනුව මෙම ඡායාරූප එක්සත් එමීර් රාජ්‍යයේ සහ ඉන්දීය ප්‍රාන්ත ගුවන්තොටුපළවල් සහ දුම්රිය ස්ථාන කේන්ද්‍ර කරගෙන ප්‍රදර්ශනය කරනු ඇත.

මෙම ජාත්‍යන්තර පොලිස් සමුළුවට ශ්‍රී ලංකාව වෙනුවෙන් දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සහ රහස් පොලිසියේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ යන මහත්වරුන් සහභාගි වී ඇත.

මෙම අපරාධකරුවන් 20 දෙනා රතු වරෙන්තුකරුවන් ලෙස ජාත්‍යන්තර පොලිසිය මගින් නම් කර තිබේ.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment