ඉකුත් සෙනසුරාදා (17දා) දිනයේ ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පාම් ස්ප්‍රින්ග්ස් ප්‍රදේශයේ පිහිටි දරු සාපල්‍යතා වෛද්‍ය සායනයක සිදුවූ බෝම්බ පිපිරීම සිදු කර ඇත්තේ එම ප්‍රහාරයෙන් මියගිය තැනැත්තාම බව ඒ සම්බන්ධයෙන් පැවති පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ. අදාළ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින් ඇමරිකානු පොලිස් දෙපාර්තමේන්තු නිලධාරීන් පවසා ඇත්තේ දරු සාපල්‍යතා සයනයක ඉකුත් සෙනසුරාදා සිදුව ඇති බෝම්බ පිපිරීම මියගිය 25 හැවිරිදි තැනැත්තා විසින් සිදු කරන ලද්දක් බව තමන්ට විශ්වාස බවයි.
අදාළ බෝම්බ ප්‍රහාරයෙන් සැකකරු මියගොස් තවත් සිවුදෙනකුට තුවාල සිදුව තිබිණි. ප්‍රහාරයෙන් මියගිය සැකකරු පාම් ස්ප්‍රින්ග්ස් ප්‍රදේශයේ ට්වෙන්ටි නයින් පාම්ස් නමැති නගරයේ පදිංචිකරුවකු බව අනාවරණය වී ඇති අතර මෙම බෝම්බ ප්‍රහාරය අදාළ වෛද්‍ය සායනය ඉලක්ක කරමින් සිදුවූ ත්‍රස්ත ක්‍රියාවක් බව ඇමරිකානු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් නිවේදනය කර තිබේ. මෙම ප්‍රහාරයට මුල්වූ හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර බෝම්බ ප්‍රහාරය එල්ල වූ වෛද්‍ය සායනය විසින් නළ දරු තාක්ෂණය හරහා දරු ඵල ලබා දෙන සායනයක් බව පොලිසිය සඳහන් කර තිබේ.