හයිට් ජනපති ඝාතන විමර්ශකයන්ට මරණ තර්ජන – ඝාතකයෙක් කොළොම්බියා ත‍්‍රස්ත මර්දන බළකායේ හිටපු ප‍්‍රධානියෙක්

228

අත්අඩංගුවේ සිටින කොළොම්බියානු හිටපු හමුදා භටයන්

හයිටි ජනපති ඝාතනය ගැන පරීක්‍ෂණ පවත්වන අධිකරණ නිලධාරීන්ට මරණ තර්ජන එල්ල වී ඇත. හයිටියේ ප‍්‍රංශ පුවත්පතක් වූ ලේ නුවේලින්වේ මේ බව හෙළිකර තිබේ. මෙම ඝාතනය ගැන කොළොම්බියා ආරක්‍ෂක ඇමැති ඩිජෝ මොලානෝ පැවසුවේ ඝාතන කණ්ඩායමේ හයදෙනෙක් හිටපු කොළොම්බියා හමුදා භටයන් බවයි.

මේ ගැන පරීක්‍ෂණ පැවැත්වීම සඳහා කොළොම්බියා බුද්ධි නායකයා හයිටි රාජ්‍යය වෙත පැමිණ ඇත. මේ අතර අත්අඩංගුවේ පසුවන කොළොම්බියානුවකු වන මැනුවෙල් අන්ටෝනියෝ ගුවාරිසා කොළොම්බියානු ත‍්‍රස්ත මර්දන ඒකකය වූ එල් ටෙම්පෝ බළකායේ හිටපු ප‍්‍රධානියකු බවට හඳුනාගෙන තිබේ. ඔහු ඩොමිනිකන් රාජ්‍යයේ සිට හයිටි දූපතට පැමිණ තිබේ. හයිටි ජනපති මොයිසේ ඝාතනය සඳහා කුලී හේවායන් 28 ක් සම්බන්ධ වී ඇති බව විමර්ශනවලදී හෙළිවී ඇත. මින් කීපදෙනෙක් මරුමුවට පත්ව තිබේ. මෙම ඝාතනයේ ප‍්‍රධානියා ලෙස හඳුන්වන ජේම්ස් සොලාජන් පැවසුවේ හයිටි ජනපති අත්අඩංගුවට ගැනීම මිස ඔහුව මරා දැමීම සැලසුමට අයත් නොවූ බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment