ඇමරිකාවයි සිංගප්පූරුවයි මහල් නිවාස හදන්න මීගමුව මුහුදු තීරයට එති

1072

ඇමරිකාවේ ප‍්‍රමුඛ පෙළේ සමාගමක් සහ සිංගප්පූරුවේ සමාගමක් මීගමුව සංචාරක මුහුදු තීරයේ සුපිරි මහල් නිවාස සංකීර්ණයක් සහ සුපිරි හෝටල් සංකීර්ණයක් ඉදිකිරීමට තීරණය කර ඇත.

ඇමරිකාවේ එසෙට් ඇසෝස් සමාගම සහ සිංගප්පූරුවේ ලිබර්ටි බෙල්ට් සමාගම මෙලෙස ඇමරිකානු ඩොලර් මිලියන 65 ක් වැයකර එම මහල් නිවාස සංකීර්ණය සහ හෝටල් සංකීර්ණය ඉදිකිරීමට නියමිතය.

නිවාස 500 කින් යුත් මහල් නිවාස සංකීර්ණයක් සහ කාමර 200 කින් යුත් සුපිරි හෝටල් සංකීර්ණයක් මෙලෙස ඉදිවනු ඇත.

මෙම ආයෝජන ව්‍යාපෘති දෙක සඳහා රජයේ අනුමැතිය හිමිව තිබේ.

කීර්ති වර්ණකුලසූරිය


advertistmentadvertistment