ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ හිටපු කඩුලු රකින ක්‍රීඩකයකු වන පුබුදු දසනායක ඇමෙරිකානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්වී තිබේ.
ඇමෙරිකාවේ මීට පෙර පුහුණුකාර තනතුරේ සිටියේ ඕස්ටේ්‍රලියානු හිටපු පිතිකරු ස්ටුවර්ට් ලෝය.
පුබුදු දසනායක ඇමෙරිකානු පුහුණුකාරිත්වයේ තනතුර හොබවන දෙවැනි අවස්ථාව ද මෙය වෙයි.
පුබුදු 2016 සිට 2019 වසර දක්වා වසර තුනක කාලයක් එම තනතුරේ සිටියේය.
පුබුදු තනතුර දැරූ කාලයේ ඇමෙරිකාවේ එක්දින වරම් හිමිකර ගැනීමට සහ ක්‍රිකට් වැඩිදියුණු කිරීමට ඉහළ දායකත්වය ලබාදුන්නේය.
2026 වසරේ පැවැත්වෙන ඔ-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය මේ වනවිට සුදුසුකම් ලබා ඇති අතර එහිදී ජාත්‍යන්තර තරගාවලි සඳහා ජයග්‍රහණ ලබාගැනීමට පුබුදු දසනායක හොඳ පුහුණුකාරිත්වයක් ලබාදීමට බලාපොරොත්තු වන බව සඳහන් කර සිටියි.
54 හැවිරිදි පුබුදු දසනායක ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 11ක් සහ එක්දින තරග 11ක් ක්‍රීඩා කර තිබේ.
පුහුණුකාර තනතුර ගැන පුබුදු කියාසිටියේ නැවත තමාට මෙම අවස්ථාව ලැබීම සතුටු වන අතර තමා සිටි කාලයේ ලබාගත් ජයග්‍රහණ ගැන ආඩම්බර වන බවයි. ඉදිරියේදී ජයග්‍රහණ ලබාදීමට ඇප කැප වන බව ද හෙතෙම පැවසීය.
සුසිල් ජයකොඩි