මායන්ක් අගර්වාල්ට – වසක් විසක් පෙවුණේ දැයි පොලිස් විමර්ශන

369

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවකු වන මායන්ක් අගර්වාල් ගුවන් යානයක් තුළ දැඩි ලෙස රෝගාතුර වී රෝහල් ගත කර ඇත.

එම හදිසි අසනීපවීම සම්බන්ධයෙන් ඔහුගේ කළමනාකරු පොලිසියට කළ පැමිණිල්ලක් මත මේ වනවිට පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබෙන බව විදෙස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ගුවන් යානයේ සිටියදී ජලය යැයි සිතා තම අසුනේ තබා තිබුණු මල්ලකින් යම් පානයක් පානය කිරීමෙන් අනතුරුව මායන්ක් ට නොනවත්වා දැඩි ලෙස වමනය යෑම ආරම්භ වී ඇත.

අනතුරුව ඔහුව වහාම රෝහල්ගත කර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබා දීමෙන් පසුව තත්ත්වය සුව අතට පත් වී තිබෙන අතර අද දිනයේදී රෝහලෙන් පිටව යා හැකි බව වෛද්‍යවරු ඊයේ ප්‍රකාශ කර තිබුණි.

රංජි කුසලාන තරගයකට සහභාගි වීමෙන් පසු අගර්තාලා සිට සූරත් දක්වා ගුවන් යානයක ගමන් කිරීමට සූදානමින් සිටියදී ඔහු මෙම අනතුරට මුහුණ දී ඇත.

මායන්ක් එහිදී පානය කළ ජලයෙහි වස මිශ්‍රවී තිබුණේද යන්න පිළිබඳව පොලිස් විමර්ශන ක්‍රියාත්මක වෙමින් තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment