ඉන්දියාවේ තෙරපීමකින් මිය ගිය ගණන වැඩිවේ

490

උතුරු ඉන්දියාවේ හතරාස් ප්‍රදේශයේ පැවැති ආගමික උත්සවයක් අතරතුර ඇතිවූ තෙරපීමකින් මිය ගිය පුද්ගලයින් ගණන 121දක්වා ඉහළ ගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.මියගිය පිරිස අතර කාන්තාවන් 112ක් ද ළමුන් 07ක් ද සිටින බව උත්තර ප්‍රාන්තයේ පොලිස්පති ප්‍රශාන්ට් කුමාර් මහතා පවසයි.තුවාල ලබා ඇති පිරිස 80ක් පමණ බවත් ඔවුන් ප්‍රතිකාර සදහා රෝහල් ගත කර ඇතැයිද ඔහු සදහන් කරයි.ආගමික පූජාව පැවැති කදවුර තුළ රැඳී සිටිය හැක්කේ 80,000කට ආසන්න පිරිසකට බවත් ලක්ෂ දෙකහාමාරක පමණ පිරිසක් ඇතුළු වීමට උත්සාහ ගැනීමේදී මෙම තෙරපීම සිදුව ඇති බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කරයි.


advertistmentadvertistment