වසංගතයට මුහුණදීමේ ක‍්‍රමය නව සෞඛ්‍ය ඇමැති කෙහෙළිය කියයි

585

කොවිඞ් වසංගතයට මුහුණදීමට ඇති ක‍්‍රමවේදය වන්නේ එන්නත්කරණය හා සෞඛ්‍ය උපදෙස් මත ජීවත්වීමට උත්සාහ ගැනීම පමණක් යැයි නව සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය.

 ඇමැතිවරයා මේ බැව් පැවසුවේ පවතින කොවිඞ් වසංගත තත්ත්වය හමුවේ රට වසා දැමීමට රජය පියවර නොගන්නේ ඇයි දැයි මාධ්‍ය වෙත ඊයේ (17 දා* අදහස් දක්වමිනි.

 එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමැතිවරයා මෙසේද කීවේය.

 ලෝකයේ සවිමත් ආර්ථිකයක් ඇති රටවල් පවා කොවිඞ් වසංගතය හමුවේ මුල් අවස්ථාවේදී රට වසා දැමුවා. නමුත් නැවත රට විවෘත කළ පසු වසංගතයට මුහුණ දීමට සිදුව තිබෙනවා. එනිසා සති දෙකකට රට වසා දමා යළි විවෘත කළත් මේ වසංගතයට මුහුණ දීමට සිදුවෙනවා. එහෙනම් අප කළ යුත්තේ කොවිඞ් මර්දන එන්නත් ලබාගෙන නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කිරීමයි.

 මේ වනවිට ජනතාව තමන්ගේ විනයගරුක බව ඇඟට අරගෙන තියෙනවා. මේ විදිහට යන්න බැහැ, අපිත් පරෙස්සම්විය යුතුයි යන හැඟීම ඇතිකරගෙන තිබෙනවා.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment