පෞද්ගලික බස් දුවන්නේ 5000යි

119

පවතින ඩීසල් හිඟය නිසා මේ වනවිට රට පුරා ධාවනය වන්නේ පෞද්ගලික බස්රථ පන්දහසකට ආසන්න ප්‍රමාණයක් බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.දිවයින පුරා ධාවනය සඳහා පෞද්ගලික බස්රථ විසිදහසක් පමණ ඇති අතර මෙලෙස ඉන් කාලකට ආසන්න ප්‍රමාණයක් ධාවනය වීම නිසා මගී ජනතාවට ද අපහසුතා මතුව ඇති බව පිළිගන්නා බවද ඒ මහතා පැවසීය. පෞද්ගලික බස්රථ සඳහා ඩීසල් ලබාදීමට නිසි ක්‍රමවේදයක් සකස් නොවුණහොත් මෙම බස්රථ සංඛ්‍යාවද ධාවනය කළ හැක්කේ තව දින කිහිපයක් බවද කීවේය.ඩීසල් හිඟය හේතුවෙන් පෞද්ගලික බස්රථ කර්මාන්තයට ද දැඩි බලපෑමක් එල්ල කර ඇතැයි පැවසූ ඒ මහතා හෙට (6 වැනිදා) දිනයේ සිට පාසල් වාරය යළි ආරම්භ වන බැවින් දරුවන්ට ප්‍රමුඛතාව ලබාදීමට කටයුතු යොදන බවද පැවසීය.පෞද්ගලික බස් කර්මාන්තයට නියාමන ආයතන කිසිවකින් සහයෝගය නොලැබෙන බවද ඔහු කියා සිටියේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment