ඉන්දීය සින්දූර් මෙහෙයුමට ඉහළින්ම ප්‍රතිචාර දැක්වූ පාකිස්තාන හමුදා ප්‍රධානියාට තරු පහේ උසස්වීමක්

182

ඉන්දියාව සමග පැවති ගැටුමේදී පාකිස්තානයට මහත් ගෞරවයක් ලබා දෙමින් ආදර්ශවත් නායකත්වයක් ලබා දීම වෙනුවෙන් එරට හමුදා ප්‍රධානී සයිඩ් අසීම් මුනීර් ජෙනරාල් තනතුරේ සිට තරු පහේ ෆීල්ඩ් මාර්ෂල් තනතුරට උසස් කර තිබේ. ඉන්දියාවේ සින්දූර් මෙහෙයුමට ප්‍රතිචාර දක්වමින් “අපේ මව්බිමට මහත් ගෞරවයක්” ලබා දුන් හමුදාපතිවරයා මෙලෙස ඉහළම තනතුරට උසස් කරන ලද බව එරට අගමැති කාර්යාලය නිවේදනය කර තිබේ.

ෆීල්ඩ් මාර්ෂල් මුනීර්, ෆීල්ඩ් මාර්ෂල් තතතුරට උසස් කරන ලද දෙවන හමුදා ප්‍රධානියාය. පළමුවැන්නා වූයේ ෆීල්ඩ් මාර්ෂල් අයුබ් ඛාන්ය.

අගමැති ෂෙබාස් ෂරිෆ්ගේ කාර්යාලය නිවේදනය කළේ පාකිස්තාන හමුදා ඉන්දීය ජෙට් යානා පහක් බිම හෙළා ‘තවත් ආක්‍රමණයන්’ ව්‍යර්ථ කළ නමුත් මැයි 10 සිට ඇමෙරිකානු මැදිහත්වීමෙන් පසුව හමුදා මෙහෙයුම් නතර කිරීමට සිදු වූ බව ය.

චතුර පමුණුව


advertistmentadvertistment