බ්‍රිතාන්‍ය අගමැතිට පොලිසිය දඩ ගසයි

308

බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක් ආසන පටි පැළඳීමෙන් තොරව මෝටර් රිය ධාවනය කිරීම නිසා ලැන්කාෆ්ටයර් පොලිසිය ස්ටාර්ලින් පවුම් 100 ක දඩයක් නියම කර ඇත.

සිය වැරැද්ද පිළිගත් අගමැතිවරයා ඒ ගැන සමාව අයැද තිබේ. මේ අතර ලන්ඩන් නුවර ගයිඩ්පාක් උද්‍යානයට සිය නෝවා නමැති සුනඛයා ගෙන ඒම ගැන ද සුනක් ට එරෙහිව චෝදනා එල්ල වුවත් පසුව එම සුනඛයා ඉවත්කර ගැනීම නිසා පොලිසිය චෝදනා ඉවත් කරගෙන ඇත.

එහෙත් එරට ලේබර් පක්‍ෂය සුනඛයාගේ සිද්ධිය යටපත් කිරීම ගැන පොලිසියට දොස් නගා ඇත.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment