ඉන්දු පාකිස්තාන යුද උණුසුම මැද අයි.පී.එල්. කල්යයි

3

ඉන්දු පාකිස්තාන යුද ආතතිය ඉහළ යෑම නිසා ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය දැනට අත්හිටුවීමට එහි තරග සංවිධායකයින් තීරණය කර තිබේ.

පසුගිය දින කිහිපය පුරාම දෙරටේ හමුදාවන් අතර බරපතළ ගැටුම් ඇතිව තිබේ.

එසේම පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය අතරමග නතර කර, තරගාවලියේ ඉතිරි තරග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කරච්චි කිංග්ස් සහ පෙෂාවර් සල්මි කණ්ඩායම් අතර තරගයක් පෙරේදා රාත්‍රියේ රාවල්පින්ඩි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබුණි. නමුත් පාකිස්තානයේ විවිධ නගරවලදී ඉන්දීය ඩ්‍රෝන යානා විනාශ කළ බව පැවසීමෙන් පසු එම තරගය හදිසියේ අත්හැර දැමීමට තරග සංවිධායකයන් තීරණය කර තිබිණි. බ්‍රහස්පතින්දා ඉන්දියාවේ ධර්මශාලා හි පැවැති දිල්ලි පිල හා පන්ජාබ් පිල අතර තරගය නවතා දැමිණි. අයි.පී.එල්. තරගාවලියේ දැනට තරග 58ක් පවත්වා ඇති අතර තවත් තරග 12ක් පැවැත්වීමට නියමිතය. ඉන්දීය ක්‍රිකට් ආයතනය සඳහන් කරන්නේ සතියකින් යළි තරග ආරම්භ කරන බවය.

චතුර පමුණුව


advertistmentadvertistment