ගාසා තීරයේ සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන අවසන් රෝහල වන අල් අහ්ලි රෝහලේ කොටසක් ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් විනාශ වී තිබේ.
එම ප්‍රහාරයෙන් රෝහලේ දැඩි සත්කාර සහ ශල්‍යකර්ම ඒකකය සම්පුර්ණයෙන්ම විනාශ වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .
දෙමහල් ගොඩනැගිල්ලකට මිසයිල ප්‍රහාර එල්ලවීමෙන් පසු , රෝහල් ඇඳන්වල සිටින බොහෝ රෝගීන් ඇතුළු පුද්ගලයින් එම ස්ථානයෙන් ඉවතට දිව ගොස් තිබේ .
“හමාස්” සංවිධානයේ අණදෙන පාලන මධ්‍යස්ථානයක් එම ස්ථානයේ පවත්වාගෙන ගොස් ඇති බැවින් රෝහල ඉලක්ක කළ බව ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) විදෙස් මාධ්‍යට පවසා තිබේ . ගාසා හි සිවිල් හදිසි සේවයට අනුව කිසිදු හානියක් වාර්තා වී නොමැත.
|