මුලතිව් මාන්කුලම් තුනුකායී ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කරමින් සිටි කාන්තාවන් පිරිසක් බිම් බෝම්බයක් පුපුරායාමෙන් හතර දෙනෙකු තුවාල ලබා ඇත.
උතුරේ බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු වල නිරත ජාත්‍යන්තර සංවිධානයක් යටතේ සේවය කරන උතුරේ කාන්තාවන් හතර දෙනෙකු මෙසේ තුවාල ලබා තිබේ.
ඊයේ ඔවුන් බිම් බෝම්බ ඉවත් කරමින් සිටියදී වළ දමා තිබූ බිම් බෝම්බයක් එක්වරම පුපුරා යාමෙන් තුවාල ලබා ඇත.
මෙසේ තුවාල ලබා ඇත්තේ තංගරාසා රාජේශ්වරී (43), කතිරේසු කවිකලා ( 40), කිෂෝර් මෝහානාම්බල් (39) සහ සිවරූබන් දෙමළිනි යන කාන්තාවන්ය.ඔවුන් තුනුකායී රෝහලට රැගෙන යාමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කිළිනොච්චිය රෝහල වෙත මාරු කොට යවා තිබේ.
තුවාල ලැබූවන්ගෙන් දෙදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා ඇති බවත් ඔවුන්ගේ මුහුණු හා පපු ප්‍රදේශ පිලිස්සී ගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග පැවසීය.
තුනුකායී පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.
|