උපතෙන් උපන් සාජී දිවි ගමන නිමා කරයි.

336
උපතෙන් උපන් සාජී දිවි ගමන නිමා කරයි.

විශිෂ්ට ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂ සාජි එන්. කරූන් දිවි සිනමාවෙන් සමු ගනී. ඊයේ ( 28 ) වැනිදා ඉන්දියාවේ,තිරුවානන්තපුරම් හිදී ඔහු සිය දිවි ගමන නිමා කර තිබේ.
ඔහුගේ පළමු චිත්‍රපටය වන ‘පිරවි’ (උපත) ජාතික හා ජාත්‍යන්තර සම්මාන කිහිපයක් දිනාගත් මලයාලම් චිත්‍රපටයකි. මෙම චිත්‍රපටය ඉතා ඉක්මනින්ම ලෝක සිනමාවේ ස්ථානයක් සොයා ගත් අධ්‍යක්ෂකවරයෙකුගේ උපත සනිටුහන් කළේය .

2010 වසරේ පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලැබූ කරුන් කේරළ ප්‍රාන්ත චිත්‍රපට සංවර්ධන සංස්ථාවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කර ඇත. ප්‍රාන්ත චලචිත්‍ර ඇකඩමියේ හිටපු සභාපතිවරයකු වන ඔහු 2023 දී කේරළ රජයේ සිනමාවේ කීර්තිමත්ම සම්මානය වන J.C. ඩැනියෙල් සම්මානයෙන් පිදුම් ලැබූ අතර 1998 දී ප්‍රථම වරට පැවැත්වූ කේරළයේ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ නිර්මාතෘ ද ඔහුය.


advertistmentadvertistment