උපතේදීම මියගිය අලි පැටවකු බිහිකළ කෙනර සොවින් කෑකෝ ගසමින් වැව් රක්ෂිතයේම සැරිසරයි….

610

කැබිතිගොල්ලෑව මහ නබඩවැව වැව් රක්ෂිතයේ උපතේදී මිය ගිය අලි පැටියෙකු හමු වූ බවත් එම පැටවා බිහිකළ කෙනර මේ වන විටත් එම ස්ථානයේම කෑ කෝ ගසමින් රැඳී සිටින බවත් මැදවච්චිය වනජීවි නිලධාරීන් කියයි.

දිනෙන් දින කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ අලි මිනිස් ගැටුම ඉහළ යාමේ අවධානමත් සමග මෙම කෙනරට ජීවිත හානියක් සිදු වේවියැයි යන සැකය මත මීට මාස කිහිපයක සිට වනජීවී නිලධාරින්ගේ අධීක්ෂණය යටතේ මෙම කෙනර පැටවා බිහි කිරිමට සිට ඇත. ඒ අනුව කැබිතිගොල්ලෑව මහ නබඩවැව වැව් රක්ෂිතයේ දී මෙම කෙනරට ආරක්ෂිතව පැටවා බිහිකිරීමට සුදුසු රැකවරණය මැදවච්චිය වනජීවී නිලධාරී චින්තන අමරවංශ මහතා ප්‍රමුඛ නිලධාරින් ලබා දී ඇත.

පසුගිය 28 වැනිදා සවස මෙම පැටවා බිහිකර ඇති අතර එහිදී පැටවා මිය ගොස් ඇත. ඒ පිළිබඳ වෛද්‍ය ඩබ්ලිව්.එල්. උදේශිකා මහත්මිය විසින් මරණ පරික්ෂණය සිදු කර ඇති අතර පැටවා ප්‍රසූතියේදී මියගොස් ඇති බවට ඒ මහත්මිය තහවුරු කළේය.

පැටවා නොමැති ශෝකයෙන් මේ වන විටත් එම වැව් රක්ෂිතයේ කෙනර කෑ කෝ ගසමින් වේදනාවෙන් සිටින බව වනජීවි නිලධාරීහු පවසති.

මැදවච්චිය-ගයාන්


advertistmentadvertistment