උමාඔයට ජවිපෙ බාධා කිරීම් නිසා බිලියන 63ක පාඩුවක් වුණා – ඇමැති කංචන විජේසේකර

54

ජනතා විමුක්ති පෙරමුණේ සමන්ත විද්‍යාරත්න ඇතුළු ක්‍රියාකාරීන් උමා ඔය ව්‍යාපෘතියට එරෙහිව ක්‍රියා කිරීම හේතුවෙන් විදුලි බල මණ්ඩලයට වසරකට බිලියන 09 බැගින් දළ වශයෙන් රුපියල් බිලියන 63ක පමණ පාඩුවක් සිදුව තිබෙනවා යැයි විදුලි බල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05) පැවසීය.

එම පිරිස කඩාකප්පල්කාරී ලෙස විරෝධතා නොදැක්වූයේ නම් 2017 වසරේදී නිම කිරීමට නියමිත වූ එම ව්‍යාපෘතිය 2018 වසරේදීවත් අවසන් කර ගැනීමට හැකිව තිබූ බවද ආණ්ඩු පක්ෂ මන්ත්‍රී මධුර විතානගේ මහතා උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විමසා තිබූ ප්‍රශ්නයකට උත්තර ලබා දෙමින් ඇමැතිවරයා කීය.

එහි හිලක් ඇතැයි කියමින් උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ විශාල බිල්ලකු මැව්වේ යැයි ද කී ඇමැතිවරයා 2018 වසරේදී පැවැති පළාත් පාලන මැතිවරණයට බණ්ඩාරවෙල නගර සභාවට ජවිපෙ තරග කරනු ලැබුවේ ටැප් එක ලකුණෙන් බව ද සඳහන් කළේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment