උසස් තනතුරු තුනකට අනුමැතිය

147


නව අමාත්‍යාංශ ලේකම්වරු දෙදෙනෙක් සහ නව තානාපතිවරයෙක් පත්කිරීම සඳහා උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය ලැබී තිබේ.
ඒ අනුව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ඩබ්ලිව්. එස්. සත්‍යානන්ද සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස එම්. එම්. නයීමුඩීන් යන මහත්වරුන්ගේ පත්වීම් උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමත කළ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසුවේ.
එයට අමතරව, පිලිපීනයේ ශ්‍රී ලංකා තනාපති ලෙස ආචාර්ය චානක හර්ෂ තල්පහේවා මහතා පත්කර යැවීමටද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමැතිය ලබාදී ඇත.


advertistmentadvertistment