දළදා මාළිගය සහ සතර මහා දේවාල ගැන අගමැතිට ලිපියක්

456

දළදා මාළිගාව ,සතර මහා දේවාල සහ පිටිසර දේවාල සඳහා විදුලිය ජලය ආදියට වැයවන පිරිවැය සහ ඒවා යෙහි පෙරහැර අලංකරණ නැටුම් වැයුම් ආශ්‍රිත වැය ශීර්ෂ පියවා ගැනීමට , සුදුසු දිගුකාලීන ක්‍රියාමාර්ගයක් සඳහා මැදිහත් වන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ඉල්ලීම් කර විශේෂ ලිපියක් භාර දීම පාර්ලිමේන්තු මන්ත්‍රී පිරිසකගේ සහභාගිත්වයෙන් අද සිදු විය .පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අත්සන් සහිතව කරන ලද මෙම ඉල්ලීම භාර දීමේ අවස්ථාවට වෛද්‍ය තිලක් රාජපක්ෂ මහාචාර්ය චන්න ජයසුමන වෛද්‍ය උපුල් ගලප්පත්ති ජයන්ත සමරවීර ගාමිණී වලේබොඩ මොහොමඩ් මුසම්මිල් යන මන්ත්‍රීවරුන් එක්වූහ. පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ වසන්ත යාපා මහතා විසින් මෙම ලිපිය අග්‍රාමාත්‍යවරයා වෙත භාරදීම සිදු කරන ලදි..

advertistmentadvertistment
advertistmentadvertistment