උසස් සෞඛ්‍ය ආරක්ෂණ ප්‍රවේශයක් සඳහා යූනියන් ඇෂුවරන්ස් සහ oDoc අත්වැල් බැඳගනී

1

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගම වන යූනියන් ඇෂුවරන්ස්, ප්‍රමුඛතම ඔන්ලයින් වෛද්‍ය සේවා (telemedicine) සමාගමක් වන oDoc සමාගම සමග හවුල්කාරිත්වයක් නිවේදනය කරයි. පහසු සහ කාර්යක්ෂම සෞඛ්‍යාරක්ෂණ සේවාවල අවශ්‍යතාව හඳුනා ගනිමින් යූනියන් ඇෂුවරන්ස් මාගම, සිය රක්ෂණ ඔප්පු හිමියන් සඳහා උපාය මාර්ගික හවුල්කාරිත්වයන් සහ තාක්ෂණික නවෝත්පාදනයන් තුළින් සෞඛ්‍ය සේවා සඳහා ප්‍රවේශය වැඩිදියුණු කිරීමට කැපවී සිටී.

මෙම හවුල්කාරීත්වය හරහා යූනියන් ඇෂුවරන්ස් සහ oDoc පාරිභෝගිකයින්ට සුවිශේෂී ප්‍රතිලාභ හිමි වෙයි. යූනියන් ඇෂුවරන්ස් ClickLife ඇප් එක හරහා පහසුවෙන් ප්‍රවේශ විය හැකි oDoc සේවාව තුළින් සියලු වෛද්‍ය උපදේශන සඳහා යූනියන් ඇෂුවරන්ස් රක්ෂණ ඔප්පු හිමියන්ට සුවිශේෂී වට්ටම් හිමි වනු ඇත. මෙම සුවිශේෂී සේවාව මගින් රක්ෂණ ඔප්පු හිමියන්ට සෞඛ්‍ය සේවා වෘත්තිකයන් සමග සම්බන්ධ වීම වඩාත් පහසු කරමින්, ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සඳහා බාධාවකින් තොර ප්‍රවේශයක් සහතික කරයි.

ඊට අමතරව, යූනියන් ඇෂුවරන්ස් සමාගම විසින් oDoc සේවාලාභීන්ට අවශ්‍ය ආකාරයේ ජීවිත රක්ෂණ විසඳුම් පිරිනමනු ලබයි. oDoc පාරිභෝගිකයින්ට ඔවුන්ට අනන්‍ය වූ අවශ්‍යතා සහ අභිමතයට ගැලපෙන විසඳුම් සමගින් ඔවුන්ගේ මූල්‍ය අනාගතය සුරක්ෂිත කර ගැනීමට සහය වෙමින්, යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රවීණ මූල්‍ය උපදේශකවරුන් පුද්ගලාරෝපිත මග පෙන්වීමක් ලබා දෙනු ඇත.

මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන හවුල්කාරිත්ව බෙදාහැරීමේ නිලධාරී වත්සලා අලුත්ගෙදර මහත්මිය සඳහන් කළේ, ‘යූනියන් ඇෂුවරන්ස් සමාගමේ අපි, අපගේ රක්ෂණ ඔප්පු හිමියන්ගේ ජීවිත රක්ෂණ අත්දැකීම් ඉහළ නංවන්න උත්සහ කරනවා. සෞඛ්‍ය සේවා වියදම් අඛණ්ඩව ඉහළ යන නිසා, අපගේ රක්ෂණ ඔප්පු හිමියන්ට ප්‍රවේශ විය හැකි සහ පුළුල් විසඳුම් දීමට අපි කැපවී සිටින අතර oDoc සමග මෙම උපායමාර්ගික හවුල්කාරිත්වය ඇති කර ගත්තේ, ඒ පිළිබඳව අවධානය යොමු කරමින්. oDocy උසස් දුරස්ථ වෛද්‍ය සේවාව, අපගේ ජීවිත රක්ෂණ විශේෂඥතාව සමග ඒකාබද්ධ කර, රක්ෂණ ඔප්පු හිමියන්ගේ ජීවිත කෙරෙහි සැලකිය යුතු ධනාත්මක බලපෑමක් ඇති කිරීමට අපි සූදානම්ව සිටිනවා,’ යනුවෙනි.

මෙම හවුල්කාරීත්වය සම්බන්ධයෙන් උද්‍යෝගය පළ කරමින් oDoc සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලහිරු කරුණාරත්න සඳහන් කළේ, ‘දිවයින පුරා ගුණාත්මක සෞඛ්‍ය ආරක්ෂණ සේවා සඳහා වන ප්‍රවේශය පුළුල් කිරීමට යූනියන් ඇෂුවරන්ස් සමාගම සමග එක්වීම විශාල සතුටුක්.

advertistmentadvertistment
advertistmentadvertistment