ජීවත් වීමට සුදුසු තවත් ග්‍රහලෝකයක් – Gliese 12 b

462

නාසා සිදුකළ පරීක්ෂණයක ප්‍රතිඵලයක්

තාරකා විද්‍යාඥයින්ගේ ජාත්‍යන්තර කණ්ඩායම් දෙකක් පෘථිවි සහ සිකුරු ප්‍රමාණයේ ආලෝක වර්ෂ 40ක් ඈතින් පිහිටි ආකර්ෂණීය ග්‍රහලෝකයක් සොයාගැනීමට සමත්වී තිබේ. පසුගිය බ්‍රහස්පතින්දා රාජකීය තාරකා විද්‍යා සංගමයේ මාසික සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද මෙම නව ග්‍රහලෝකය Gliese 12 b ලෙස නම් කරන ලදි. මෙම අධ්‍යයනයේ දී විද්‍යාඥයන් කියා සිටියේ මෙම ග්‍රහලෝකය “මේ දක්වා සොයාගෙන ඇති ආසන්නතම, පෘථිවි ප්‍රමාණයේ ග්‍රහලෝකය” බවයි.

ජීවත් වීමට සුදුසු තවත් ග්‍රහලෝකයක් - Gliese 12 b

විද්‍යාඥයින්ගේ මතය වී ඇත්තේ, ග්ලීස් 12 බී ග්‍රහලෝකය මිනිස් වාසයට සුදුසු දැනටමත් හඳුනාගෙන ඇති ග්‍රහලෝක කිහිපයට අයත් බවය.

ග්ලීස් 12 බී ග්‍රහලෝකයේ මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් පමණ වන බවට ඇස්තමේන්තු ගත කර ඇති නමුත් එහි වායුගෝලය කෙබඳු ද යන්න පිළිබඳව තවමත් අවිනිශ්චිත තත්ත්වයක පවතී.

කෙසේ වෙතත් මෙම ග්‍රහලෝකය පෘථිවියේ සිට ආලෝක වර්ෂ 40ක දුරින් පිහිටීම නිසා එය සමීපව නිරීක්ෂණයට බාධාවක් වී ඇති බව විද්‍යාඥයෝ පවසති.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment