පුත්තලම දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී ශාන්ත අබේසේකර සහ ඔහුගේ පුත්‍රයා ඊයේ (18දා) අත්අඩංගුවට ගෙන තිබේ.
නීතිවිරෝධීව එකලස් කරන ලද වාහනයක් සඟවා තබා ගැනීමක් ගැන සිදුකරන විමර්ශනවලට අදාළව ඔවුන් නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට ප්‍රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේ මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ. හිටපු මන්ත්‍රීවරයා සහ පුත්‍රයා අද (19දා) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.