එජානිස යළි පණගන්වන්න සාකච්ඡා අරඹයි

114

වසර කිහිපයකට පසු එක්සත් ජනතා නිදහස් සන්ධානය, හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (15 දා) රැුස්වී තිබේ.

 සූම් තාක්‍ෂණය ඔස්සේ පැවැති මෙම රැුස්වීමට මහජන පක්‍ෂ නායකයකු වන ඇමැතිවරයකු ඇතුළු පක්‍ෂ නායකයන් පිරිසක් සහභාගි වී ඇතැයි අනාවරණය වෙයි.

 ලංකා කම්කරු කොංග‍්‍රසයේ හිටපු නායක දිවංගත ආරුමුගම් තොණ්ඩමන්, හිටපු ඇමැති මංගල සමරවීර හා දිවංගත ඞී. එම්. පොඩිඅප්පුහාමි ඇතුළු ජ්‍යෙෂ්ඨයන් සිහිපත් කිරීමක් ද කර තිබේ.

 එක්සත් ජනතා නිදහස් සන්ධානයට නව ප‍්‍රතිපත්ති මාලාවක් සැකසීමට ද එහිදී යෝජනා වී ඇතැයි දැනගන්නට තිබේ. ඊට අදාළව ඉදිරිපත්ව ඇති යෝජනා කිහිපයක් ගැන ද එහිදී අවධානය යොමුකර තිබේ.

 නව ප‍්‍රතිපත්ති මාලාවක් සම්පාදනය, බුලත් කොළය ලකුණ යටතේ සන්ධානය යළි පණගැන්වීමට අදාළව යෝජනා ද එහිදී සාකච්ඡුාවට භාජන වී තිබෙන බව එම සන්ධාන ආරංචි මාර්ග පවසයි.


advertistmentadvertistment